විදුහල් ගීය
හෙළයේ සෝභා කිත් රැස පතුරා සැරදේ ආසිරි පා…
මීගමු සාන්ත පීතර විදුහල් මාතා වැජඹේවා…
රටදැය සමයට සෙත සලසන නිති ගුණයෙනි නැණ වඩවා
දූ පුතුන් සාදා සාමේ පා ආදර මෑණියනේ
දේවා අපගේ ජීවේ දියුණේ යහමග සාදාලා
දින දින පෙම් පාලා
නිතිදා ආදර සිප් කිරි පොවනා බබලන විදු අඹරේ
පාකිත් ලෝ කුසයේ ජය කෙහෙළි බඳවා සරසාලා
දුසිරිත දුරලන සුසිරිත් වඩවන යුක්තිය ගරු කරනා
දූ පුතුන් සදා සාමේ පා සුරකිමු නාමේ ඔබේ
දිරිඳි වඩවා පාදා නැණයේ
මිහි පෙත මත පාදා
සුරකිමු සෙත පාලා
හෙළයේ සෝභා…